කළු ගඟ ආශ්‍රිතව ගංවතුර අවදානමක්

කළු ගඟේ මිල්ලනිය ප්‍රදේශයේ මහ ගංවතුර අවදානමක් පවතින අතර කැළණි, ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව විසිහත් දහස ඉක්මවා ඇතිබවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

බස්නාහිර, සබරගමුව පළාත්වල සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පසුගිය දින කිහිපයේ ප්‍රදේශ රැසකට මිලිමීටර් සියය ඉක්මවූ තද වැසි ඇතිවිය.

කාලීන පුවත්