‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට අමාත්‍යාංශවලින් යෝජනා කැදවයි

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාළව ක්‍රියාත්මක කළ යුතු නව ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සියලු අමාත්‍යාංශවලින් යෝජනා කැඳවනු ලැබ ඇත.

මීට අදාළව ඒ ඒ අමාත්‍යාංශවල වෙන වෙන ම කමිටු පත් කෙරේ. මේ වන විට අමාත්‍යාංශවලින් ක්‍රියාත්මක කරමින් පවතින වැඩසටහන් වෙනුවට නව යෝජනා මේ යටතේ ඉදිරිපත් කළ යුතු වේ. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන හා ඒ ඒ අමාත්‍යාංශ අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාල නිලධාරීන් පැමිණ අමාත්‍යාංශවල මාණ්ඩලික මට්ටමේ නිලධාරීන් දැනුවත් කෙරෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කීවේය.

නව යෝජනා ඇතුළත් වාර්තා සියලු අමාත්‍යාංශ මගින් කඩනමින් සකස් කළ යුතු වන අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙන වෙනම ඒ ඒ අමාත්‍යාංශ කැඳවීමට නියමිත බවත් එම ආරංචි මාර්ග පැවසීය.

කාලීන පුවත්