ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන පනත හෙට(09) පාර්ලිමේන්තුවට

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත හෙට (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙමගින් ණය ලබාදෙන ව්‍යාපාරයේ සේම ගනුදෙනුකරුවන්ගේ ද ආරක්ෂාව තහවුරු කිරීම අපේක්ෂාව බවය.

විශේෂයෙන් ම ග්‍රාමීය මට්ටමේ ජනතාව ඉලක්ක කර ගනිමින් සේවය සපයන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් සිදුවන සේවාවන් ඔවුන්ගේ අභිමතය පරිදි පවත්වාගෙන යාම වෙනුවට රාජ්‍ය මැදිහත්වීම සහිත අධිකාරියක නියාමනය යටතේ සිදු කිරීමට අදාළ ආයතනවලට ද පහසුවක් බව අමාත්‍යවරයා පවසයි.

මේ හේතුවෙන් සිය දිවි නසා ගැනීම්, පවුල් ආරවුල් වැනි තත්ත්වයන් පවා වර්ධනය වූ අවස්ථාවන් පිළිබඳ ප්‍රවෘත්ති වාර්තා වී තිබිණි. ඒ අනුව ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල අවශ්‍යතාව සහ දැනට ක්‍රියාත්මක කරමින් සිටින සේවාවන් පිළිබඳ සලකා බලමින් ඒවායේ සේවාව මෙම කෙටුම්පත මගින් විධිමත් කෙරෙනු ඇති බව අමාත්‍යවරයා පවසයි.

මෙම පනත සම්මත වූ පසු දැනට ක්‍රියාත්මක 2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත අහෝසි වනු ඇත.

කාලීන පුවත්