කාගේ හෝ මරණයක් මුල් කොට සතුටු වීමේ වරදක් තිබේ ද?


යමකුට අත්විය හැකි අතිශය ඛේදනීයම ඉරණම අකල් මරණය බව ඒකාන්ත සත්‍යයකි . ඒ අනුව කවරකුගේ වුව අකල් මරණයක් පිළිබඳව අසන්නට ලැබුණු සැනින් ඕනෑම කෙනකු ගේ සිත තුළ සියුම් කම්පනයක්, ශෝකයක් හට ගැනීම ඉතා ස්වභාවික ය. එමෙන්ම යමකු ඉතා අනපේක්ෂිත ලෙස අකල් මරණයකට ලක් වීමේ දී එම කම්පාව, ශෝකය ඉහළ මට්ටමක පවතින අතර මියගිය තැනැත්තාගේ තරුණ බව,නිරෝගී සෞඛ්‍ය සම්පන්න බව,ජනප්‍රියත්වය හා තමන් තුළ ඇති සමීපත්වය සබැඳියාව ආදී හේතු මත ද ඒ කම්පාව ශෝකය ඉහළ නැංවෙනු ඇත. එබඳු සිදුවීමක් මුල් කොට ඕනෑම කෙනකු තුළ ඇතිවිය හැකි ආත්ම කේන්ද්‍රීය බව මුල් කොට ගත් මෙම තත්වය හැඳින්වෙනුයේ සංවේදනය හෙවත් සහකම්පනය ( Empathy) යනුවෙනි.

සමාජ ජාල යනු සමකාලීන සමාජ, ආර්ථික, සංස්කෘතික තත්වයන් පිළිබඳ අහඹු දර්ශකයක් ලබා ගත හැකි ප්‍රබල මාධ්‍යයක් ද වේ. ඒ ලෝකයේ එකි’නෙක රටවල එකි’නෙක සමාජයන් හි සමාජ ජාල පරිශීලකයන් ගේ චර්යා රටා අධ්‍යයනය කිරීමේ දී ඒ බව අපට මනාව පසක් කරගත හැකි වේ.

පොදුවේ සහකම්පනය ලෙස හැඳින්වුව ද මෙය එක් එක් පුද්ගලයා තුළ පවත්නා පෞරුෂමය හා මානසික සාධක සේම සමාජ, ආර්ථික සහ ආගමික සංස්කෘතික සාධක
මත ද වෙනස් වන්නකි. මෙහි ඉහත සඳහන් කෙටි විස්තරයට පාදක නිමිත්ත වූයේ පසුගිය දිනයෙක හදිසි අනතුරකින් මියගිය ප්‍රකට දේශපාලනඥයකු ගේ මරණය සම්බන්ධයෙන් සමාජ ජාල පරිශීලකයන් ගෙන් සැළකිය යුතු පිරිසක් තම සතුට සහ මියගිය තැනැත්තා පිළිබඳව සිය අප්‍රසාදය පළ කිරීම ය.
සමාජ ජාල නියාමනය සම්බන්ධ ප්‍රබල සමාජ කතිකාවක් මේ දිනවල පවතී. එහෙත්, සමාජ ජාල යනු සමකාලීන සමාජ, ආර්ථික, සංස්කෘතික තත්වයන් පිළිබඳ අහඹු
දර්ශකයක් ලබා ගත හැකි ප්‍රබල මාධ්‍යයක් ද වේ. ඒ ලෝකයේ එකි’නෙක රටවල එකි’නෙක සමාජයන් හි සමාජ ජාල පරිශීලකයන් ගේ චර්යා රටා අධ්‍යයනය කිරීමේ දී ඒ බව අපට මනාව පසක් කරගත හැකි වේ. ඒ අනුව කිසියම් ප්‍රසිද්ධ පුද්ගලයකු ගේ අකල් මරණයක් මුල් කොට සමාජ ජාල පරිශීලකයන් බහුතරය සිය සතුට සහ ඔහු පිළිබඳ අප්‍රසාදය පළ කිරීමේ සංසිද්ධිය කිහිප අයුරකින් විමසා බැලීමට අපට සිදුවෙයි.
වර්තමාන ශ්‍රී ලාංකේය ජන සමාජයේ බොහෝ දෙනකු තුළ මේ වන විට මානසික පීඩනය, අසහනය, අසංතෘප්තතාව සැළකිය යුතු ලෙසින් ප්‍රවර්ධනය වෙමින් පවතින බව
නොරහසකි. එසේම යමකු තුළ ඇතිවන එවන් තත්වයන් සම්බන්ධයෙන් වගකිව යුතු පිරිස් පිළිබඳව ද ජන මනැස තුළ යම් වැටහීමක් තිබේ. එහි දී ඒ සම්බන්ධ බොහෝ දෙනකුගේ පොදු මතය වනුයේ තමන්ගේ ජීවන යහපැවැත්මට ඉවහල් වන සියළු සාධක මෙලෙස කඩා බිඳ දමා ඇත්තේ දේශපාලකයන් විසින් බවකි. එමෙන්ම ඇතැම්හු මෙය ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු ගත වූ වසර හැත්තෑ හතර පුරාවට සිදුවූ අඛණ්ඩ විනාශයක්, පරිහානියක් ලෙස ද දක්වති. නමුදු යමකුට හුදෙක් දේශපාලනික වශයෙන් සරලව එසේ දැක්විය හැකි වුව ද එය එම කාලය තුළ අප රට තුළ ඇති වූ සමාජ, ආර්ථික වෙනස්කම් සම්බන්ධයෙන් සියුම් ලෙස විමසා බලා තවදුරටත් “පිරිපහදු” කරගත යුත්තකැයි මට සිතේ.

අප සමාජයේ ජීවත් වන්නවුන් අතුරින් සමාජ විරෝධී පෞරුෂ අර්බුදය (Antisocial Personality Disorder ) නම් මානසික අර්බුදයෙන් පෙළෙන්නවුන් මෙවන් සමාජ ජාල ඔස්සේ ඒකරාශී වීම් කල්ලි ගැසීම් සේම ප්‍රධාන සම්ප්‍රදායන්ට පහර හෙළීම ද සිදු නොවන්නේ ම යැයි කීමට අපට නොපුළුවන. ප්‍රබල සමාජමය ප්‍රතිරූපවලට පහර දී බිඳ දැමීම හෙවත් වැන්ඩලිස්මය (Vandalism ) නම් තත්වය ද මෙහි දී යම් පමණකින් හෝ ක්‍රියාත්මක විය හැකි බව ද අප දැන සිටිය යුතුය.

එමෙන්ම ආර්ථික හේතුන් මත දැඩි පීඩනයට, අසහනයට ලක් වන බොහෝ දෙනකු ඒ හා සම්බන්ධයෙන් සමකාලීන දේශපාලන ප්‍රජාව කෙරෙහි දැඩි නොසතුටින් හා පිළිකුලින් පසුවන බව ද පැහැදිලිවම දක්නට ඇති දෙයකි. එහි දී එසේ පීඩනයට පත්ව හිඳින ජනතාව හමුවේ පවත්නා දේශපාලන ක්‍රමය සුරැකීම වෙනුවෙන් ඉදිරියට පැන කටයුතු කරන හා ජන අරගල වලට එරෙහිව ප්‍රසිද්ධියේ ක්‍රියාකරන දේශපාලනඥයන් කෙරෙහි එම ජනතා ද්වේෂය සිය දහස් ගුණයකින් ඉහළ නැංවෙන බව පෙනේ. මෙහි දී ද නූතන ජන විඥානය නියාමනය කෙරෙහි සමාජ ජාල මගින් මහත් පිටිවහලක් ලැබේ. එහි ඉතා පැහැදිලි සාධනීය තත්වයක් වුවද වෙනත් දේශපාලනික, සමාජ සංස්කෘතික අභිලාෂයන් මත එම සමාජ ජාල හසුරුවන කල්ලි කණ්ඩායම් හිඳින බව ද නොරහසකි. මාධ්‍ය නිදහස නම් ප්‍රමුඛතම මානව හිමිකම තුළින් අවිචාරවත් මාධ්‍ය භාවිතය ද යම් තරමකින් හෝ පැන නැඟී ඇති බව කිව යුතු ය. මෙහිදී අප සමාජයේ ජීවත් වන්නවුන් අතුරින් සමාජ විරෝධී පෞරුෂ අර්බුදය (Antisocial Personality Disorder ) නම් මානසික අර්බුදයෙන් පෙළෙන්නවුන් මෙවන් සමාජ ජාල ඔස්සේ ඒකරාශී වීම් කල්ලි ගැසීම් සේම ප්‍රධාන සම්ප්‍රදායන්ට පහර හෙළීම ද සිදු නොවන්නේ ම යැයි කීමට අපට නොපුළුවන. ප්‍රබල සමාජමය ප්‍රතිරූපවලට පහර දී බිඳ දැමීම හෙවත් වැන්ඩලිස්මය (Vandalism ) නම් තත්වය ද මෙහි දී යම් පමණකින් හෝ ක්‍රියාත්මක විය හැකි බව ද අප දැන සිටිය යුතුය. එහෙත්, මා මින් සමාජ ජාල ක්‍රියාත්මක භාවයම විචාරයට ලක් නොකරන අතර මෙම තත්වය ඕනෑම ජන සමාජයක අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන බව ද කිව යුතු ය.

වර්තමාන සමාජ, ආර්ථිකය තුළ ධන සම්පත් අසම ලෙස බෙදී යාමත් වරප්‍රසාද ලත් සීමිත පිරිසක් ඒවා විශාල වශයෙන් තමන් වටා ගොනු කර ගැනීමත් මත සෙසු බොහෝ පිරිස් තුළ වෛරයක් පිළිකුලක් මෝදුවීම ස්වභාවික සංසිද්ධියකි. ඒ අතරේ එලෙස වරප්‍රසාද හිමිකර ගත් පිරිස් සමාජය හමුවේ නීතිය, යුක්තිය, සාධාරණත්වය ඉක්මවා කටයුතු කිරීම මගින් එම වෛරය පිළිකුළ තවදුරටත් වර්ධනය වීමේ පහසු අවකාශයක් පවතී. එවන් අයහපත් සමාජ ආර්ථික දේශපාලන වාතාවරණයක් තුළ පොදු ජන විඥානය තුළ වෛරය ද්වේෂය සේම පළිගැනීමේ චේතනාව ද පිවිසීමේ අරුමයක් නැත.

අතීතයේ අප රටේ ඉතා දැහැමි සාමකාමී ජන සමාජයක් තිබූ බවට උපකල්පනයක් බොහෝ දෙනකු තුළ තිබේ. එහෙත් අතීතය යනු එසේ එක මිටට ගුලිකර ගත හැක්කක්
නොවේ. ඉතිහාසය, පූර්ව ඉතිහාසය සහ ප්‍රාග් ඉතිහාසය යන වසර දහස් ගණනක් වන එම කාල පරිච්ඡේද තුළ වර්තමානයට වඩා බෙහෙවින් අයහපත් තත්ත්වයන් ද පැවැති බව සාධාරණ ලෙස පිළිගන්නට අපට සිදුවෙයි. නමුදු කෘෂිකර්මාන්තය පදනම් කරගත් සරල ගැමි සමාජයක් තුළින් පැන නැඟුණු අනේක විධ අර්බුද වලට වඩා පරිභෝජනවාදය පදනම් කරගත් නව ලිබරල්වාදී ආර්ථිකය මත පදනම් වන සංකීර්ණ සමාජයක් තුළින් මතු වීමට ඇති අවකාශය වැඩි ය.
අතීත සරල කෘෂිකාර්මික සමාජයක් තුළ දේපල ඉඩකඩම් ආදී භෞතික සම්පත් මුල් කොට ගත් ආරවුල් නොමඳවම තිබිණ. ඒ අනුව එකම දේපලකට හිමිකම් කියන
පාර්ශවයන් දෙකකින් එක් පාර්ශවයක අයකු මිය යාම මුල් කොට සෙසු පාර්ශවය තුළ කිසියම් සතුටක්, සැනසීමක් හට ගැනීමේ කිසිදු අරුමයක් නැත. එහෙත්, එය මුල් කොට ඒ කිසිවෙකු අන්‍යයන් හට තම සතුට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ හෝ එය කිසි අයුරකින් සමාජය හමුවට ගෙන ආවේ ද නැත. ඒ වෙනුවට එසේ මියගිය තැනැත්තා සමඟ පැවැති සියළු එදිරිවාදිකම් නිමා කළ බව අඟවමින් ඒ පුද්ගලයාගේ අවමඟුට සහභාගි වීමට ද විරුද්ධ පාර්ශවයේ පිරිස් කටයුතු කළහ.
එහෙත්, වර්තමාන සමාජ, ආර්ථිකය තුළ ධන සම්පත් අසම ලෙස බෙදී යාමත් වරප්‍රසාද ලත් සීමිත පිරිසක් ඒවා විශාල වශයෙන් තමන් වටා ගොනු කර ගැනීමත් මත
සෙසු බොහෝ පිරිස් තුළ වෛරයක් පිළිකුලක් මෝදුවීම ස්වභාවික සංසිද්ධියකි. ඒ අතරේ එලෙස වරප්‍රසාද හිමිකර ගත් පිරිස් සමාජය හමුවේ නීතිය, යුක්තිය, සාධාරණත්වය ඉක්මවා කටයුතු කිරීම මගින් එම වෛරය පිළිකුළ තවදුරටත් වර්ධනය වීමේ පහසු අවකාශයක් පවතී. එවන් අයහපත් සමාජ ආර්ථික දේශපාලන වාතාවරණයක් තුළ පොදු ජන විඥානය තුළ වෛරය ද්වේෂය සේම පළිගැනීමේ චේතනාව ද පිවිසීමේ අරුමයක් නැත.මෙහි දී අතීතයේ මෙබඳු සමාජමය චර්යාවන්හි පොදු දර්ශකයක් දක්නට නොතිබුණ ද මේ වන විට සමාජ ජාල මගින් ඒ කාරිය ඉතා හොඳින් ඉටු වෙමින් පවතින බව වත්මන් සිදුවීම් වලින් ඔබට ද මනාව වැටහෙනු ඇත.

පුද්ගලයකු ගේ මරණයක් මුල් කොට සමාජයේ විවිධ කොටස් මෙලෙස සාමුහිකව සතුටු වීමේ ඇති කිසිදු යහපතක් මට නම් නොපෙනේ. ඒ ඊට අදාල තැනැත්තා ගේ පුද්ගලභාවය පිළිබඳ සියලු සාධක මේ වන විට මුලුමනින් නිශේධ වී ඇති බැවිනි.නමුදු මෙලෙස යමකු ගේ මරණයක් මුල් කොට සතුටු වීම නම් සමාජමය සංසිද්ධිය එක් සිදුවීමකට පමණක් සීමා නොවන අතර එය දිනෙන් දින ප්‍රවර්ධනය වන නව විලාසිතාවක්, පන්නයක් වශයෙන් හිස එසවීමේ පහසු හැකියාවක් තිබේ.

යමකුගේ මරණය මුල්කොට සතුටුවීම නම් වන ක්‍රියාවලියේ සදාචාරාත්මක බව කෙසේ වුව ද සමාජයීය භාව විශෝධන (Catharsis ) ක්‍රියාවලියක් වශයෙන් මෙම තත්වය හඳුනා ගැනීමට පුළුවන.එමෙන්ම ඇතැම් සමාජ ජාල ක්‍රියාකරුවන්ම පවසන අන්දමට ජනතා අප්‍රසාදයට පත් වන්නවුන් ගේ මරණයත් සම්බන්ධයෙන් මෙසේ සතුට පළකිරීම මත දේශපාලන ක්ෂේත්‍රයේ නියුතු සෙසු පිරිස් එසේ ජනතා ද්‍රෝහී ක්‍රියාවන් වලින් වැලකී සිටිනු ඇත. එහෙත්, එය කෙසේවත් ප්‍රායෝගික තත්වයක් නොවේ. ඒ වෙනුවට ඔවුහු බොහෝ විට සමාජ ජාල වාරණ ආදිය මගින් ජනතාව සතු වූ මාධ්‍ය නිදහසට වැටකඩොළු බැදීමට වෙර දරති. එහි දී ඔවුන් පවසන වගකීම් විරහිත මාධ්‍ය භාවිතය යන්න මුළුමනින්ම සත්‍යයක් නොවන සේම අසත්‍යයක් ද නොවන බව පෙනී යයි.
නමුදු කිසියම් පුද්ගලයකු ගේ මරණයක් මුල් කොට සමාජයේ විවිධ කොටස් මෙලෙස සාමුහිකව සතුටු වීමේ ඇති කිසිදු යහපතක් මට නම් නොපෙනේ. ඒ ඊට අදාල තැනැත්තා ගේ පුද්ගලභාවය පිළිබඳ සියලු සාධක මේ වන විට මුලුමනින් නිශේධ වී ඇති බැවිනි.නමුදු මෙලෙස යමකු ගේ මරණයක් මුල් කොට සතුටු වීම නම් සමාජමය සංසිද්ධිය එක් සිදුවීමකට පමණක් සීමා නොවන අතර එය දිනෙන් දින ප්‍රවර්ධනය වන නව විලාසිතාවක්, පන්නයක් වශයෙන් හිස එසවීමේ පහසු හැකියාවක් තිබේ. එවිට එය ජනප්‍රිය උප සංස්කෘතිකාංගයක් ලෙස සමාජයේ ස්ථාපිත වනු ඇත.නමුත් මෙහි මා දකින ප්‍රධානතම අයහපතක් තිබේ. එනම් මේ වන විටත් සමාජ ජාල පරිශීලකයන් සේ ක්‍රියාකරන ළමා, නවයොවුන් සහ යොවුන් ආදී වශයෙන් හැඳින්වෙන අප රටේ අනාගත පරපුර සමාජ ජාල පරිශීලකයන් ගේ ක්‍රියාවන් ආදර්ශයට ගෙන ඒ අනුව කටයුතු කිරීමට ඇති පහසු හැකියාව ය. ඒ අනුව තමන් වෙත සංනිවේදනය වන පුද්ගල මරණ මුල්කොට දුක් විය යුතු, දුක් නොවිය යුතු යන වර්ගීකරණ දෙකට අමතරව සතුටු විය යුතු යන නව පුද්ගල මරණ කාණ්ඩයක් ද ඔවුන් විසින් හඳුනා ගනු ඇත. ඒ අනුව එහි සියලු අලාභයන් අපටම මිස අප ජීවත් වන ලෝකය හා කිසිදු සබැඳියාවක් නැති මළවුන්ට අත් නොවන බව තරයේ සිහි තබා ගැනීම සමාජයීය සම වගකීමක් ව පවතී.

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

පහන් ටැඹ