කාදිනල් හිමිපාණන් වැබ පොලිස් පති හෙලා දැකීම බරපතල කරුණක්

බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පිළිකුලෙන් යුතු ව හෙළා දකින බව කතෝලික සභාව අවධාරණය කිරීම මෙරට සමස්ත කතෝලික ප්‍රජාව නියෝජනය කරන පොදු හඬක් සේ සැලකිය අතර එය ඉතා බරපතල ප්‍රකාශයක් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනකු ගේ මතය වී තිබේ.උන්වහන්සේ ගේ ප්‍රකාශයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමන් එම හෙලා දැකීම ප්‍රකාශයට පත් කළ අතර කතෝලික සභාව විසින් මෙවැනි තනතුරක් ප්‍රතික්ෂේප කළ ලක් ඉතිහාසයේ මුල්ම අවස්ථාව මෙය ලෙස ද සැලකෙයි.

 

 

 

කාලීන පුවත්