කාන්තාවන් 40%ක් සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත්වෙයි

පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙරට වයස අවුරුදු 15ත් 47ත් අතර කාන්තාවන්ගෙන් සියයට 40ක් කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත් වී ඇති බව පවුල් පාලනය පිළිබඳ සිවිල් සංවිධානය සිදුකළ නවතම සමීක්ෂණයකිිින් අනාවරණ කර ඇත.

එමගින් කාන්තාවකගේ ජීවවිද්‍යාත්මක චක්‍රයට ඇති කරනු ලබන බලපෑම අවධානය යොමු කළයුතු මට්ටමක පවතින බව එම සංවිධානය පෙන්වා දෙති.

මේ අතර Public Finance.lk වෙබ් අඩවිය පවසන්නේ සනීපාරක්ෂක තුවා සඳහා මෙරට අය කෙරෙන බදු රත්‍රං, සිල්ක්, ගොල්ෆ් පිති මෙන්ම කාලතුවක්කු සඳහා පනවා ඇති බදුවලටත් වඩා ඉහළ අගයක් ගන්නා බවයි.

කාලීන පුවත්