කාබනික පොහොරින් වී ‌වගා කරන ගොවීන්ට හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක සහනාධාරයක්

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදු අවිචාරවත් ලෙස ඇරඹූ කාබනික ගොවිතැන විධිමත් ලෙස විධිමත් අයුරින් ප්‍රවර්ධනය කිරීම පිණිස ඉදිරි මහ කන්නයේදී කාබනික පොහොර භාවිත කරන වී ‌ගොවීන්ට හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක පොහොර සහනාධාරයක් දීමට රජය තීරණය කර ඇත.එම කාබනික පොහොර සහනාධාරය සඳහා රජයෙන් රුපියල් මිලියන 16,000ක් වෙන් කිරීමට ද තීරණය කර ඇති අතර ඊට මුදල් කමිටුවේ ද අනුමැතිය හිමි ව තිබේ.ඉදිරි මහ කන්නයේදී සියයට 30ක් කාබනික පොහොර හා සියයට 70ක් රසායනික පොහොර යන පදනම මත වී වගා කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර තිබෙන අතර, මහ කන්නයේදී කාබනික පොහොර භාවිතය දිරිමත් කිරීම සඳහා මේ සහනාධාරය දීමට නියමිතය. මේ අතර රසායනික පොහොර භාවිත කරන වී ගොවීන්ට මේ කන්නයේදීද රුපියල් 10,000ක මුදලකට කිලෝග්‍රෑම් 50ක බරින් යුත් යූරියා පොහොර මිටියක් අක්කරයක් සඳහා නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අනුමැතිය දී ඇති බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

කාලීන පුවත්