අයහපත් කාලගුණයෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීමේදී පැරණි චක්‍රලේඛවලින් බැහැරව නව චක්‍රලේඛ අනුව කටයුතු කිරීමට නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවැසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ගංවතුරෙන් බලපෑමට ලක් වූ කඩුවෙල ප්‍රදේශයේ ජනතාවගේ සුවදුක් සොයා බැලීමට සහ එම ජනතාව වෙනුවෙන් ගෙන යන සහන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි. ගංවතුර බැස යාමෙන් පසුව ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී සොයා බැලූ සාගල රත්නායක මහතා ජනතාවට නැවත පදිංචිවීම් පහසු කිරීමට අවශ්‍ය සියලු පහසුකම් කඩිනමින් සපයන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ගංවතුරෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශයේ නිවාස දැක බලා ගැනීමටද එක් වූ සාගල රත්නායක මහතා එම නිවාස හිමියන් සමඟ ද කථා බහක නිරත වෙමින් ඉදිරියේ දී මෙම ගංවතුර තත්ත්වය පාලනය කර ගැනීම වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ද ඔවුන් සමඟ සාකච්ඡා කළේය.
විදේශ වෛද්‍ය කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් කඩුවෙල ඓතිහාසික ශ්‍රී රන්කඩු පත්තිනි දේවාල පරිශ්‍රයේ පැවැති වෛද්‍ය සායනය නිරීක්ෂණය කිරීමට ද එක් වූ සාගල රත්නායක මහතා, රන්කඩු පත්තිනි දේවාලයේ කටයුතු සොයා බැලීමට ද අමතක නොකළේය.