අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය පිළිබදව විදේශිකයන් අතර පවතින්නේ ඉතාම යහපත් ප්රතිචාරයකි. ශ්‍රී ලංකාවේ යටත් විජිත යුගයේ දී ලංකාව පිළිබදව විදේශිකයින් විසින් ලියනු ලැබූ සමහර පොත්පත්වල ලාංකේය ආහාර රටාවන් පිළිබද විශාල වර්ණනාවන් කර තිබේ. සමහර අවස්ථාවල මෙය Curry Island නොහොත් හොදි දූපත ලෙස ද හදුන්වා ඇති බව සී.එන්.එන්. ට්‍රැවල් වෙබ් අඩෙවිය වාර්තා කර තිබේ. එයට හේතුව ලාංකිකයන් බත් ආහාරයට ගැනීමේ දී ප්‍රමාණවත් තරමටත් වඩා හොදි වර්ග ආහාරයට ගැනීමට කැමැත්තක් දැක්වීම ය.
පොල් යනු ශ්‍රී ලංකාවේ ඉතාම සුලභ ආහාර ද්‍රව්‍යයක් වීම නිසාම පොල් කිරි යොදා පිළියෙල කරගත් හොදි වර්ගවලට ශ්‍රී ලාංකිකයන් මෙන්ම විදේශිකයන් ද වඩාත් කැමැත්තක් දැක් වූ බව රහසක් නොවේ. එපමණක් ද නොව, කුළුබඩු යොදා ස්වභාවිකව රස ගන්වන ලද ව්‍යංජන වර්ගවලට සම කළ හැකි විදේශ ආහාර වර්ග නොමැති තරම්යැයි කිව හොත් වරදක් නැත. ශ්‍රී ලංකාවේ ඉවුම් පිහුම් කලාව ඇදහිය නොහැකි තරම් කෑම වර්ග රාශියක් විවිධ රසවලින් යුතුව සාදා නිම කරගත හැකි තරම් සමෘධිමත් ය.
ශ්‍රී ලංකාවේ ආහාර පිසීමේදී මුහුදු ආහාර වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මුහුදු ආහාර, විශේෂයෙන්ම මාළු ආශ්‍රිතව ඇත්තේ විකාශනය වූ ආහාර රටාවකි. මාලු වර්ග කිරි හොදි ලෙස, ජාඩි ලෙස, මිරිස් රසට මෙන්ම තෙල් රසට පමණක් නොව ඇඹුල් තියල් ව්‍යංජනයක් ලෙස ද පිසිය හැකි ය. මීට අමතරව අර්ධ ලෙස ගැඹුරු තෙලෙන් බැද ස්වභාවික රසකාරක යොදා පිසින ලද ආහාරයේ රසයට, බහු ජාතික සමාගම්වල ක්‍රන්චි රසය පරාද ය. ඇඹුල් තියල් සදහා වඩාත් ප්‍රසිද්ධියක් උසුලන්නේ දකුණු දිග ශ්‍රී ලංකාවයි.
එයට හේතුව ධීවර කර්මාන්තයෙන් ජීවත් වූ අතීත ජනයා මාලු කල්තබා ගැනීමේ උපක්‍රමයක් ලෙස ඇඹුල් තියල් ව්‍යංජනය සකස් කර ගැනීමයි.දකුණු දිග ශ්‍රී ලංකාවෙන් ආරම්භ වූ මෙම ඇඹුල් තියල් ව්‍යංජනය අද වනවිට ලෝකය පුරා ප්‍රසිද්ධියක් උසුලන ආහාරයක් බවට පත් වී තිබේ. ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ බත් ගස, එසේත් නැත්නම් කොස් ගස ද අපේ ආහාර සංස්කෘතියට රසවත් ආහාර රැසක්ම දායාද කර තිබේ. කිරි කොස්, තැම්බූ කොස් මෙන්ම පොලොස් ද ඒ අතර වේ. දිනක් දෙකක් පරණ වෙන්නට තැබූ පොලොස් ඇඹුල ද අපේ රටේ කුළු බඩු යොදා සකස් කර ගත් විට ලෝකයේ අංක එකේ යැයි සළකන ඕනෑම ආහාරයකට වඩා රසවත් බව කිවයුතු නොවේ. විදේශිකයන්ගේ වර්ණනාවට බදුන් වූ තවත් ආහාරයකි, වම්බටු ආශ්රිත ආහාර රටාව. වම්බොටු ද කිරි යොදා හොද්දක් ලෙස මෙන්ම තෙල් හෝ ගැඹුරු තෙලේ බැද කට ගැස්මක් ලෙස ද, ඇඹුල් සහිත මෝජුවක් ලෙස ද ආහාරයට ගත හැකිය.
වම්බොටු මෝජුව ද මාලු ඇඹුල් තියල් මෙන් ශීතරකණයක් නෙමැතිව වුව ද දින කීපයක් පරණ වන්නට තබා ආහාරයට ගත හැකි ව්‍යංජනයක් වීම ම විදේශිකයන්ගේ කුතුහලයට හේතුවක් වී තිබේ. එපමණක් ද නොව, සාමාන්‍යෙයන් පරණ වන්නට වන්නට රසය සහ මිල වැඩි වන්නේ විදේශීය මත්පැන්වල වුව ද, පරණ වන්නට වන්නට නරක් වනු වෙනුවට පරණ වන්නට වන්නට තවත් රසය වැඩි වන ආහාරයක් ලෙස ද වම්බොටු මෝජු සහ ඇඹුල් තියල් හදුන්වා දිය හැකි ය. ශ්‍රී ලංකාවේ ඉතා පහසුවෙන් ලබාගත හැකි කොළ පැහැති එළවළු ආහාරයක් වන්නේ ගොටුකොළ සම්බෝලයයි.
එය ඉංග්‍රීසියෙන් Asiatic pennywort ලෙස හදුන්වන ආසියාවේ ඖෂධීය පැළෑටියකි. ආසියාතික රටවල් අතරින් ගොටුකොළ ප්‍රධාන ආහාරයක් ලෙස යොදා ගන්නේ ශ්‍රී ලංකාව හැරුණු විට ජපානය සහ චීනය පමණි. අනිකුත් ආසියාතික රටවල් පලා වර්ග පිළිබදව වැඩි උනන්දුවක් නොදක්වන අතර ඒවා අතුරු ආහාර ලෙස වෙන් කර තිබේ. කඩා ගත් සැනින් සෝදා ආහාරයට ගත හැකි ගොටුකොළවල රසය, සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට අවශ්‍ය නම් ලූනු, තක්කාලි, ගාන ලද පොල් සහ මිරිස් සමඟ මිශ්‍ර කර ලුණු, ගම්මිරිස් සහ දෙහි යුෂ සමග පදම් වෙන්නට තැබිය යුතු ය.
මෙවැනි රසවත් සාම්ප්‍රදායික ආහාර වර්ග ඕනෑතරම් පිස ගත හැකිව සිටින අපි, ෆ්‍රයිඩ් රයිස්, ලම්ප්රයිස්, පීසා වැනි තෙල් සහිත කෘතිම ආහාර සදහා ලොල් වී සිටීම කෙතරම් පුදුමයට කාරණයක් ද යන්න සී.එන්.එන්. ට්‍රැවල් සේවයට සිතෙන්නේ නම් එහි පුදුමයක් නැත.
දුලංජලී මුතුවාඩිගේ