මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපයේ සිට ඇදැහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි සහ මාඋස්සාකැලේ ජලාශවල ජල මටට්ටම ඉහල යමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරුවරු පවසති. වැල්ලවාය අලිකොටේආර ජලාශයේ වාන්දොරටු තුන අඩි හතර බැගින් විවෘත කළ බව ජලාශයභාර ඉංජිනේරු ආර්. ඩී. රංජිත් මහතා පවසයි. ජලාශයේ ජලපෝෂිත ප්‍රදේශය වන පුනාගල කඳුවැටියට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ජලාශයේ ජල මටට්ටම ඉහලයමින් පවති. මේ හේතුවෙන් නුගයාය ගාල්ල වංගුව දක්වා කිරිදිඔය දෙපස ජනතාව අවධානයෙන් පසුවන ලෙස හෙතෙම දැනුම් දෙයි.