අද දින සියලු එන්නත් වලට ප්‍රතිරෝධී යැයි සැලකෙන ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය හමුවූ 18 වන රට ලෙස ජපානය පත් වෙද්දී අප රටේ කොරෝනා කාර්ය සාධන බලකාය සිය සුපුරුදු කැකිල්ලේ ක්‍රමවේද ක්‍රියාත්මක කරමින් කොරෝනා ප්‍රවර්ධනයට විශාල සහයෝගයක් ලබාදී ඇති බව “සතුටින් “දන්වා සිටිමු.
සිනමා ශාලා වල නරඹන්නන් සංඛ්‍යාව ධාරිතාවෙන් සියයට 75 කිරීමටද, නිවෙස් තුළ මංගල උත්සව වල සහභාගි වන ප්‍රමාණය 200 දක්වාද, එළිමහන් මංගල උත්සව සඳහා පිරිස 250 දක්වාද අද සිට වැඩි කරමින් සිය ජයග්‍රාහී ගමන ඔමික්‍රොන් සම්ප්‍රාප්තිය සමඟ ඇරඹුනු බව ඉතා පැහැදිලි ය.
අනෙකුත් සියලුම රටවල් එකතුවී සාමුහික තීරණ ගනිමින් සංචරණ නීති දැඩි කරන කාලෙට අපි ඒවා ලිහිල් කරමින් සිදුකරන මේ විගඩම තේරුම් ගැනීම අපහසුය.මෙම ප්‍රභේදය රටට ඇතුලු වීම වැලැක්වීමට සහ එය රට පුරා පැතිරීම වැලැක්වීමට අප උපරිමයෙන් ක්‍රියා කරනවාද කියා අපේ කාර්ය සාධන බලකාය සොයා බැලිය යුතුය.
ඊයේ( නොවැ.30)දෙරණ රාත්‍රි ප්රවෘත්ති වලින් එක් විශේෂඥ වරයෙකු එන්නත් කරණය තව දුරටත් වේගවත් කළ යුතු බව දන්වා සිටි අතර එතැනම වෙනත් විශේෂඥ වරියක් පවසන්නේ මේ ඔමික්‍රොන් වෛරසය ප්‍රභේදයට එන්නත මග හැර යා හැකිද කියා සැකයක් පවතින බවයි.
කරුණු මෙසේ තිබියදී වෛරස පැතිරීමට රුකුල් දෙන සෞඛ්‍ය බලධාරීන් ගේ කැකිල්ලේ තීරණ වල පල විපාක ගැන ඔවුන්ට නැවත මතක්කර දිය යුතුය.පසු ගිය අවුරුදු පොකුර ආරම්භ වීමට පෙර අප රටේ අප්‍රේල් 8 දින තිබුණේ මුලු කොවිඩ් මරණ 593කි.
කොරෝනා රෝගීන් සිටියේ අනූහතර දහසකි. සැප්තැම්බර් 18 වන විට මරණ දොලොස් දහසක්ද රෝගීන් ගණන ලක්ෂ 5 දක්වාද අවුරුදු පොකුර මාස 5ක් තුල වැඩිවුණේ ඔවුන්ගේ කැකිල්ලේ තීන්දු නිසා නොවේද?. ඇයි එවැනි දේවල් අදත් සිදුවීමට ඉඩ දෙන්නේ?
අවුරුදු පොකුරක් එනවා යැයි වෛද්‍ය අංශ අනතුරු හඟවා තිබියදී ඔවුන්ගේ එදා ඒ තීන්දු සහ කෙරුම් සමහරක් නැවත මතක් කරමි.
ගුවන් තොටුපල විවෘත කිරීම,, පාසල් ,විශ්ව විද්‍යාල විවෘත කිරීමට සැලසුම් කිරීම, ජනතාව ව්ශාල ලෙස එක්රැස් වන උත්සව වලට සහයෝගය ලබාදීම, ජනතාවට වැඩිපුර නිවාඩු ලබාදීම ,දුර ගමන් සඳහා ප්‍රවාහන පහසුකම් වැඩිකිරීම, මාධ්‍ය වලින් ඒවාට ප්‍රචාර ලබාදීම, මාධ්‍ය වලට අවුරුදු උත්සව හා බාල් නැටීමට ඉඩ ලබා දීම, පක්ෂ විපක්ෂ සියල්ලෝම සතිපතා ඈත පළාත්වල ජනතාව රැස්කරවා ජන හමු පැවැත්වීම.
අවුරුදු පොකුරේ රෝගීන් ගණන සැප්තැම්බර් වනවිට අනූහතර දහසේ සිට ලක්ෂ පහ කලේත්, මරණ ගණන 593 සිට දොලොස් දහස කළේත් ඔවුන්ගේ අමන තීරණ නොවේද? සැප්තැම්බර් මාසයෙන් පසු ඉතිරි මාසවල නම් මෙසේ සිදුවුණේ උද්ඝෝෂණ වැනි ක්‍රියා නිසා කියමින් ඇඟ බේරා ගැනීමට ඉඩ තිබුණි..
කාර්ය සාධක බලකාය අද දින සිදු කළ යුත්තේ මෙම නව ප්‍රභේදය රටට ඇතුළු වීම වැලැක්වීම සහ එය අප රට තුල පැතිරීම වැළැක්වීමට පියවර ගැනීම නොවේද?
මුලු ලංකාවම බියෙන් ඇලලී, දැඩි සෞඛ්‍ය තීන්දු බලාපොරොත්තු වෙන් සිටි මොහොතක සිදුවන්නේ ඊට හාත් පසින්ම වෙනස් දේවල් නොවේද?
මෙයට කැකිල්ලේ තීන්දු යැයි මා පවසන්නේ එහෙයිනි. මෙය කිසිදු අසත්‍යයක් හෝ අතිශයෝක්තියක් නොවන අතර මින් යම් අගතියක් අසාධාරණයක් වන්නේ නම් ඒ ද කැකිල්ලෙ රජතුමාට ම පමණි.
විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී රාජපක්ෂ