කැනඩාවේ අභිනව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ පාලනය යටතේ පත්කළ නව අමාත්‍ය මණ්ඩලයේ අධිකරණ අමාත්‍ය ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ පක්ෂයේ නායක වී. ආනන්ද සංගරී මහතාගේ දෙවන පුත්‍රයා වන ගැරී ආනන්ද සංගරී තේරී පත්ව තිබේ.ඒ අනුව, කැනඩා ඉතිහාසයේ අධිකරණ අමාත්‍ය ධුරයට තේරිපත් වූ පළමු දෙමළ-කැනේඩියානු ජාතිකයා ගැරී ආනන්ද සංගරී මහතා බවට පත්ව තිබේ.නීතිඥයෙකු වන ගැරී ආනන්ද සංගරී මහතා දෙමළ ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගු කලක් පෙනී සිටින විදවතකු ලෙස ප්‍රකට ය.යාපනයේ උපත ලැබූ ගැරී ආනන්දසංගරී මහතා, 1983 වසරේ කෝලහල පැවති සමගේ කැනඩාවට ගොස් ඇති අතර පසුව කැනඩාවේ පදිංචි වී ඇත.ඒ අතර ඔහු කැනේඩියානු දෙමළ වාණිජ මණ්ඩලය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය සහ කැනේඩියානු දෙමළ තරුණ සංවර්ධන මධ්‍යස්ථානය ඇතුළු විවිධ සංවිධාන කිහිපයක් සමඟ කටයුතු කර ඇති බව ද සඳහන් වන අතර කැනඩාවේ ගෞරවණීය පුරවැසියකු ලෙස කීර්ති නාමයක් ද හිමි කර ගෙන තිබේ.