කැලණිතිස්සට ඩීසල් මෙට්‍රික් ටොන් 10,000 ක්;අදත් විදුලි කප්පාදුවක් නෑ

කැලණිතිස්ස බලාගාර සංකීර්ණයට ඩීසල් මෙට්‍රික් ටොන් 10,000 ක් සැපයීමට ඛනිජ තෙල් සංස්ථාව එකඟ වීම හේතුවෙන් අද දිනයේත් කප්පාදුවකින් තොරව කැලණිතිස්ස බලාගාරයෙන් විදුලිය ජනනය කිරීමට හැකියාව ලැබී ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෘ නවමනි මහතා ප්‍රකාශ කරයි., එම ඩීසල් පොම්ප කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව පැවසූ.අතිරේක සාමාන්‍යාධිකාරීවරයා වැඩි දුරටත් සඳහන් කළේ සපුගස්කන්ද හා කොළඹ වරායේ පාවෙන බලාගාරයට අවශ්‍ය දැවි තෙල් මෙට්‍රික් ටොන් 500 ක් ලබා දීමට ද ඛනිජ තෙල් සංස්ථාව පියවර ගත් බවයි.මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කරන්නැයි ඉල්ලමින් කරමින් ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වන මුත් ඒ සම්බන්ධ ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිචාර මෙතෙක් ලැබී නැත.

කාලීන පුවත්