කැලණිතිස්ස බලාගාරය සම්පූර්ණයෙන් නවතී

ඉන්ධන නොමැතිවීමෙන් මේවනවිට කැලණිතිස්ස බලාගාරය සම්පූර්ණයෙන් අක්‍රීය වී ඇති බව විදුලි ඉංජිනේරුවන් පවසයි.

ඒ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට අහිමි වි ඇති මෙගාවොට් ප්‍රමාණය 280 ක්.

එම බලාගාර යළි පණගැන්වීමට ඉන්ධන ලබාදීමට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ. කෙසේවෙතත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඊයේ ප්‍රකාශ කළේ සතියක් සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල එකගතාව පළ කළ බවයි.

කෙසේවෙතත් එලෙස අද (3) එම ඉන්ධන සැපයීම ආරම්භ වූ පසු නැවත කැළණිතිස්ස බලාගාරය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව ලැබෙන බවත් සදහන් කරයි.

කාලීන පුවත්