ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වනවිට කිරිඳි ඔයේ ජල මට්ටම ශීඝ්රයෙන් ඉහළ යමින් තිබෙන බවට වාර්තාවෙයි.
වැල්ල්ලවාය සිට තණමල්විල හරහා ලුණුගම්වෙහෙර ජලාශය දක්වා ගලා බසින කිරිඳි ඔයේ ජල මට්ටම මෙලෙස ඉහළ ගොස් ඇත.
කිරිඳි ඔය ආශ්රිත ව පහත් බිම්වල වෙසෙන ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම තත්ත්වයෙන් ලුණුගම්වෙහෙර ජලාශය වාන් දැමීමේ අවදානමක් මතු ව නැති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.