කිරි ගව පාලනයට ප්‍රංශයෙන් යුරෝ ලක්ෂ හතක්

ශ්‍රී ලංකාවේ කිරි ගව පාලනය සංවර්ධනය සඳහා ප්‍රංශයෙන් යුරෝ ලක්ෂ හතක මුල්‍ය සහයෝගිතාව ලැබුණ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ කිරි ගව පාලනය සංවර්ධනය සඳහා ප්‍රංශයේ ප්‍රධාන ආධාර ලබා දෙන ආයතන දෙකක් වන ප්‍රංශයේ පශු සම්පත් ආයතනය IDELF ( France Institut De L’Elevage (French Livestock Institute) සංවර්ධනය සඳහා වන ප්‍රංශ නියෝජිතායතනය AFD ( French Agency for Development) මේ සඳහා ඒකාබද්ධ සහයෝගිතාවය පළ කර තිබේ.

ඒ අනුව එම නියෝජිතායතන විසින් යුරෝ ලක්ෂ 7ක මුදලක් හෙවත් රුපියල් මිලියන 250ක මුදලක් ලබා දීම සඳහා මූලික අනුමැතිය ලබා දී තිබේ.

කාලීන පුවත්