අප්‍රේල් මස 01 වැනිදා සිට කිරිපිටි මිළ ඉහළ යන බැවින් එදින සිට කිරි තේ එකක මිල රුපියල් 10 ත් 20 ත් අතර මුදලකින් ඉහළ දැමීමට සිදුවන බව අපනශාලා වෙළෙන්දෝ පවසති.
කොළඹ පිටකොටුව ප්‍රදේශයේ ආපනශාලා හිමියන් පෙන්වා දුන්නේ මේ වන විට ඔවුන් කිරි තේ එකක් අලෙවි කරන්නේ රුපියල් 100 කට බවත් කිරිපිටි මිල ඉහළ ගියහොත් කිරි තේ එකක මිළ රුපියල් 120 ක් පමණ විය හැකි බවයි.