රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් වරායේ සිරවී තිබෙන කිරි පිටි තොග ලබන සදුදා හෝ අඟහරුවාදා වන විට නිදහස් කර ගැනීමට හැකි වෙතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසුරිය මහතා පවසයි.මෙරට මාසික කිරි පිටි පරිභෝජනය මෙට්රික් ටොන් 6500 ත් 7000 ත් අතර වන අතර මෙරට දෛනික කිරි පිටි පරිභෝජනය මෙට්රික් ටොන් 200 කි. ආනයනික කිරිපිටි වෙළෙදපොළේ නොමැති වීම මත පාරිභෝගිකයෝ හිඟයකට තවමත් මුහුණ දෙමින් සිටිති.