කිලෝවකට සත විසි පහේ බද්දක් යටතේ ඕනෑම කෙනෙකුට සහල් ගෙන්වන්න පුලුවන්

වෙළෙඳ පොළේ සහල් මිල පාලනය කිරීම සඳහා සහල් කිලෝවකට සත 25 ක් බැගින් බද්දක් ගෙවා ඕනෑම අයකුට පිටරටින් සහල් ආනයනය කිරීමට අවසර දී ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව වෙළෙඳපොළේ ආනයනික සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් එකසිය පහට වඩා වැඩි වීමට ඉඩ නොදෙන බව කී ගුණවර්ධන මහතා සතොස සහ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව හරහා ද සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් ආනයනය කිරීමට කටයුතු කරගෙන යන බව ද කීය.එමෙන්ම මේ වන විට ආනයනය කරන ලද සහල් අඩංගු කන්ටේනර් පන්සීයක් වරායේ තිබෙන බව ද ඇමති වරයා කීය..

කාලීන පුවත්