කීර්තිමත් හෘද ශල්‍ය වෛද්‍ය වයි.කේ . එම්. ලහී අභාවප්‍රාප්ත වෙයි

covid

ශ්‍රී ලංකාවේ කීර්තිමත් හෘද සහ උරස්කන්තුක ශල්‍ය වෛද්‍ය විශේෂඥ වරයකු වන වෛද්‍ය වයි.කේ.එම් ලහී මහතා අද(07)හදිසියේ අභාවප්‍රාප්ත විය.

පසුගිය කාලයේ ශ්‍රී ලංකා ජාතික රෝහලේ සේවය කරමින් බයිපාස් ඇතුළු ශල්‍ය කර්ම මඟින් රෝගීන් දහස් ගණනක්ගේ ජීවිත බේරා ගත් ඒ මහතා එම සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයට සම්බන්ධ වී සිටියේය.

වෘත්තීය නිපුනත්වයට අමතරව උතුම් මිනිස් ගුණ දම් ප්‍රකට කළ කාරුණික සත්පුරුෂයකු වශයෙන් ද ප්‍රකටව සිටි වෛද්‍ය ලහී මහතා මිය යන විට හැට තුන් වන වියේ පසු විය.

කාලීන පුවත්