කුප්පි ලාම්පුත් වෙළඳ පලට

මීට දශක කිහිපයක් දක්වා ග්‍රාමීය සාමාන්‍ය ජනතාව සහ නාගරික අඩු ආදායම් ලාභීන් අතරේ බහුලව භාවිතා වූ භූමි තෙල් කුප්පි ලාම්පුව මේ වන විට ග්‍රාමීය නාගරික භේදයකින් තොරව බොහෝ නිවෙස් වල භාවිතයට ගැනෙන බැවින් මේ වන විට නා නා මාදිලියේ කුප්පි ලාම්පු වෙළඳ පලට ද පැමිණ තිබේ.

රුපියල් හැත්තෑවේ සිට විවිධ මිල ගණන් වලට අලෙවි කෙරෙන මෙම කුප්පි ලාම්පු තැනීම මේ වන විට ස්වයං රැකියාවක් සහ ගෘහ කර්මාන්තයක් ලෙස ද ප්‍රවර්ධනය වෙමින් තිබේ.

වර්තමාන විදුලි අර්බුදය නිමා වීම පිළිබඳ මේ දක්වා කිසිදු ඉඟියක් පවා නොලැබෙන පසුබිමක මෙම කුප්පි ලාම්පු නිෂ්පාදනය සහ අලෙවිය තව දුරටත් ප්‍රවර්ධනය විය හැකි බව වෙළෙන්දෝ පවසති.

මේ අතර අතීතයේ කුප්පි ලාම්පු වල අනාරක්ෂිත බව හා නොසැළකිලිමත් කුප්පි ලාම්පු භාවිතය නිසා සිදු වූ ජීවිත සහ දේපල හානි එහි භාවිතය අඩු වීමට සාපේක්ෂව අඩු වූ අතර එම අනතුරු සිදුවීමේ ප්‍රවණතාව වත්මන් කුප්පි ලාම්පු භාවිතයේ වැඩි වීමත් සමඟ යළි ඉහල නැංවෙනු ඇතැයි විශ්වාස කෙරෙයි.

කාලීන පුවත්