මානව සම්පතට ආදේශකයක් ලෙස කෘත්‍රිම බුද්ධිය(Artificial intelligence) භාවිතාවේ ශීඝ්‍ර වර්ධනයත් සමඟ නොදුරු අනාගතයේ දී ලොව පුරා මිලියන 300ක පූර්ණ කාලීන රැකියා අවදානමකට ලක්වනු ඇතැයි අළුත්ම සීඑන්එන් වාර්තාවක් සඳහන් කරයි. අමෙරිකාවේ ප්‍රමුඛතම ආයෝජන හා මූල්‍ය බැංකු පද්ධතියක් නව ගෝල්ඩ්මන් සැච්ස් හි ආර්ථික විද්‍යාඥයන් විසින් නිකුත් කරනු ලැබු තොරතුරු සහ දත්තයන් මත පදනම් වූ එම වාර්තාවට අනුව කෘත්‍රිම බුද්ධියේ ව්‍යාප්තියත් සමඟ ලොව පුරා ඉහළ මට්ටමේ රැකියාවන්හි නිරතව සිටින පුද්ගලයන් මෙම අවදානමට ලක් වනු ඇත.එම වාර්තාවට අනුව කම්කරු, ඉදිකිරීම් හා අලුත්වැඩියා සහ එම මට්ටමේ රැකියාවන් හි නිරතව සිටින පුද්ගලයන්ට මෙමගින් බලපෑමක් එල්ල නොවූවද, සෞඛ්‍ය, තාක්ෂණය, විද්‍යාව සහ කාර්යාලීය කටයුතු සම්බන්ධ වෘත්තීයවේදී රැකියා අවස්ථා කෘත්‍රිම බුද්ධියේ බලපෑමට ලක්වනු ඇත.අමෙරිකාවේ සහ යුරෝපයේ මේ වනවිටත් කෘත්‍රිම බුද්ධිය බහුලව භාවිතයට ගැනීම හේතුවෙන් එම කලාපයේ වෘත්තීයවේදී රැකියා අවස්ථා සීමාවී ඇති බව ද එම වාර්තාවෙන් අනාවරණය වී තිබේ