කෙහෙළියට එරෙහි විශ්වාසභංගය පරාජ වෙයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 40කින් අද පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය. එහිදී විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්ද 113ක් හිමිවූ අතර පක්ෂව හිමිවූයේ ඡන්ද 73ක් පමණි.

විශ්වාසභංග යෝජනාව පිළිබඳව විවාදය දින තුනක්( 6,7 සහ 8) පැවැත්විණ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් විසිනි.

යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පිරිසට සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය සහ නිදහස ජනතා සභාව යන පක්ෂවල මන්ත්‍රීවරු ඇතුළත් වූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.අලිසබ්‍රි රහීම්, ඒ.එච් එම් ෆවුසි යන මන්ත්‍රීවරුද යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.ඡන්දය විමසන අවස්ථාවේදී මන්ත්‍රීවරු 38ක් සභාවේ නොසිටියහ.

කාලීන පුවත්