පසුගිය දිනෙක එක් විශ්‍රාමික ගුරුතුමියක මා සොයා පැමිණියේ තම මිනිපිරියකගේ ජන්ම පත්‍රයක් පරීක්ෂා කර ගැනීම පිණිස ය. එහි දී මඳ වේලාවක් මා හා සුහදව කතාබහක යෙදී සිටි එතුමිය පැවසූ එක් දෙයකින් මා තුළ තරමක කුතුහලයක් පිබිදුණු අතර මම ඊට වඩාත් ඕනෑකමකින් සවන් දුනිමි.
“මගේ මහත්තයාට ප්‍රෙෂර් එක, දියවැඩියාව වගේ අසනීප තුන හතරක්ම තිබුණා. එක එක හේතුවලට කීප සැරයක්ම ඉස්පිරිතාලවල නතර වෙන්නත් වුණා. ඔය අතරේ මම අපි ඉස්සර ඉඳලම හඳහන් කේන්දර බලන මනුස්සයෙකුට මහත්තයාගේ කේන්දරේ පෙන්නුවේ එයාට අපල උපද්‍රව මොනවා හරි තියෙනවද කියලා දැනගෙන ඒවාට පිළියම් තියෙනවා නම් ඒවත් මොනවා හරි කරන්න. ඒත් ඒ කේන්දරේ බලපු මනුස්සයා කිව්වා මහත්තයාට මේ කාලේ සුළු සුළු අපල තිබුණට මාරක අපල වගේ බරපතළ අපල නෑ කියලා. එතකොට ඉතින් මාත් හුඟක් සතුටු වුණා.එහෙම නම් ඉතින් මුකුත් ප්‍රශ්නයක් නෑනේ කියලා. කොහොම හරි ඒ කේන්දරේ බලලා මාසයක් ගියේ නෑ මහත්තයා උදේ රැවුල කපලා ඉවර වෙලා ඇවිත් කිව්වා මගේ ඇඟට මහ අමුත්තක් දැනෙනවා කියලා. එතකොට මම කිව්වා එහෙනම් අපි ඉක්මනට ඩොක්ටර් කෙනෙක් ළඟට යමු කියලා. ඒත් එතකොට මහත්තයා නෑ එහෙම ඕනේ නෑ. කෝකටත් ටිකක් හාන්සි වෙලා ඉන්නම් කියලා ඇඳට ගිහින් හාන්සි වුණා.”
“මේ ලෝකයේ පැවැත්ම තහවුරු වෙන්නේ විශ්ව නියාමය කියන සිද්ධාන්තය මත. ඒත් මේ විශ්ව නියාමය කියන්නේ මොකක්ද කියලා හරි හැටි නිර්වචනයක් දෙන්න අපි කාටවත්ම බැහැ. නමුත් අපේ බුදු හාමුදුරුවෝ පටිච්ච සමුප්පාද ධර්මය තුළින් ඒ විශ්ව නියාමය පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකයේ සත්වයාගේ පැවැත්ම හේතුඵල සම්බන්ධතාවක් මත තහවුරු වෙනවා කියලා තමයි ඒ බුද්ධ දේශනාවේ තියෙන්නේ. ඒක තමයි ඒ ගැන පරම සත්‍යය.” මම කීවෙමි.
එසේ කී එම ගුරුතුමිය දෙනෙතෙහි කඳුළු පිස දමා ගනිමින් කීවේ තම සැමියා එසේ යහනේ නිදාගෙන විනාඩි දෙක තුනක් තුළ ඔහුගේ දෙනෙත්වල කළු ඉංගිරියාව අසාමාන්‍ය ලෙස කරකැවී ගොස් හිස පැත්තකට කඩා වැටුණු බව ය. ඔහුගේ මරණය හෘදයාබාධයක් නිසා හටගත් එකක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තීරණය වූ බව පැවසූ එම ගුරුතුමිය ඉන් පසුව තමන් තුළ ජ්‍යොතිෂය පිළිබඳ එතෙක් පැවැති විශ්වාසය මුළුමනින්ම බිඳ වැටුණු බව මා හා කියා සිටියාය.
“නමුත් මගේ දුව කියනවා ඒ කේන්දරේ බලපු මනුස්සයා කියපු දෙයක් බොරු වුණා කියලා මුළු ජ්‍යොතිෂයටම ගරහන එක හොඳ නෑ කියලා. ඒ හින්දම තමයි මම මේ කේන්දරේ බලවා ගන්න ආවේ. ඒත් ඉතින් මේවයේ තියෙන දේවල් එකට එකක් බොරු වෙනවා නම් මේවා බලවන එකෙත් තේරුමක් නෑ නේද? එක අතකට එම ගුරුතුමිය එසේ පැවසුවේ තම අවංක හැඟීම එළිදක්වමින් බව මට වැටහිණ.
“මේ ලෝකයේ පැවැත්ම තහවුරු වෙන්නේ විශ්ව නියාමය කියන සිද්ධාන්තය මත. ඒත් මේ විශ්ව නියාමය කියන්නේ මොකක්ද කියලා හරි හැටි නිර්වචනයක් දෙන්න අපි කාටවත්ම බැහැ. නමුත් අපේ බුදු හාමුදුරුවෝ පටිච්ච සමුප්පාද ධර්මය තුළින් ඒ විශ්ව නියාමය පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකයේ සත්වයාගේ පැවැත්ම හේතුඵල සම්බන්ධතාවක් මත තහවුරු වෙනවා කියලා තමයි ඒ බුද්ධ දේශනාවේ තියෙන්නේ. ඒක තමයි ඒ ගැන පරම සත්‍යය.” මම කීවෙමි.
“එතකොට ජ්‍යොතිෂය කියන දේ ඒ බුද්ධ දේශනාවට එකඟ නැද්ද?” එවිට ඒ ගුරුතුමිය ඇසුවාය.
“මෙහෙමයි, බුදු දහම කියන්නේ සාංසාරික විමුක්තිය ගැන කියලා දෙන ශාස්තෘ දේශනාවක්. ඒත් ජ්‍යොතිෂය කියන්නේ පුද්ගලයාගේ මෙලොව ජීවිතයේ සාර්ථකත්වයට ඉවහල් කර ගත හැකි ගුප්ත විද්‍යා ශාස්ත්‍රවලින් පැහැදිලි සිද්ධාන්තමය පදනමක් තියෙන එකක්. නමුත් අද අපේ සමාජයේ වැඩි දෙනෙක් හිතාගෙන ඉන්න විදිහට ජ්‍යොතිෂය කියන්නේ සීයට සීයයක්ම නිවැරදි අනාවැකි කියන්න පුළුවන් ශාස්ත්‍රයක් නෙවෙයි. ජ්‍යොතිෂ අනාවැකිවල නිවැරදි බව තහවුරු වෙන්නේ යම් සම්භාවිතාවකට අනුව විතරයි. ඒක ජ්‍යොතිර්වේදය ගැන සිද්ධාන්ත ඉදිරිපත් කරපු වරාහහිර වගේ පැරණි සෘෂිවරු පැහැදිලිවම කියලා තියෙනවා.” මම කීවෙමි.
“එතකොට ජ්‍යොතිෂයෙන් කියන දෙයක් වරදින්න බෑ වගේ විශ්වාසයක් අපේ රටේ මිනිස්සු අතරේ පැතිරිලා තියෙන්නේ කොහොමද?” ඉන් පසුව එම ගුරුතුමිය ඇසුවාය.
ඉතාම අසුබ ග්‍රහයෙකුගේ අතුරු දසාවක ඒ ග්‍රහයා කේන්දරේ දෙක, තුන, හත, අට වගේ භාවයක පිහිටන කොට බැලූ බැල්මටම ඒක මාරකයක්. ඒත් සදාචාර සම්පන්න කිසිම ජ්‍යොතිර්වේදියෙක් ඒක මාරකයක් විදිහට හඳුන්වන්නේ නෑ. ඒක හරියට මිනීමැරුමක් ගැන ලැබුණු එක සාක්කියක් මත කාව හරි එල්ලුම් ගස් යවනව වගේ වැඩක්.” මම කීවෙමි.
“ඒ ඉතින් ජ්‍යොතිර්වේදී සිද්ධාන්ත ගැන හෝඩියවත් නොදන්න කපටින් අසරණ මිනිස්සුන්ගේ ඉහ ඉණ අතගාගන්න හදපු පට්ටපල් බොරු බේගල් තමයි.” මම කීවෙමි.
“ඒත් එතකොට ඔය කේන්දරවල මාරක කියලත් දෙයක් තියෙනවා නේද?” ඉන් පසුව එම ගුරුතුමිය අසා සිටියේ මහත් උනන්දුවකින් යුතුවය.
“එක එක කේන්දරවල එක් එක් ලග්නවලට අනුව මාරක ස්ථාන පිහිටලා තියෙනවා. ඉතාම අසුබ ග්‍රහයෙකුගේ අතුරු දසාවක ඒ ග්‍රහයා කේන්දරේ දෙක, තුන, හත, අට වගේ භාවයක පිහිටන කොට බැලූ බැල්මටම ඒක මාරකයක්. ඒත් සදාචාර සම්පන්න කිසිම ජ්‍යොතිර්වේදියෙක් ඒක මාරකයක් විදිහට හඳුන්වන්නේ නෑ. ඒක හරියට මිනීමැරුමක් ගැන ලැබුණු එක සාක්කියක් මත කාව හරි එල්ලුම් ගස් යවනව වගේ වැඩක්.” මම කීවෙමි.
ඉන් පසුව එම ගුරුතුමිය මා වෙතින් අසා සිටියේ කේන්දරයක මාරක අපල නොමැති තමන්ගේ සැමියා මිය යාම ජ්‍යොතිෂය අනුව විග්‍රහ කළ හැක්කේ කෙසේද යන්නය.
“මාරක අපල තියෙන කෙනෙක් නොමැරී ඉන්න වගේම මාරක අපල නැති කෙනෙක් හදිසියේ මිය යන්නත් පුළුවන්. ජ්‍යොතිෂය කියන්නේ එක්තරා අන්දමක විශ්ව නියාමය නිරීක්ෂණය කළ හැකි ශාස්ත්‍රයක් වුණත් සමහරු හිතන්නේ ජ්‍යොතිෂය කියන්නේ විශ්ව නියාමය පාලනය කරන්න පුළුවන් ශාස්ත්‍රයක් කියලයි. විශේෂයෙන් පසුගිය කාලේ ටී වී වලින් වගේම අද ඔය යූටියුබ් ෆේස්බුක්වලින් ජ්‍යොතිෂය ජාවාරමක් කරගත්තු හොරු තමයි ඔය දුර්මතය පතුරුවන්නේ” කී මම එම ගුරුතුමියගේ මිනිබිරියගේ ජන්ම පත්‍රය පරීක්ෂා කිරීමට භාර ගතිමි.
මේ අතර පසුගිය දිනයෙක හදිසි අකල් මරණයකට පත් වූ සමාජයේ බොහෝ දෙනකු ගේ දැන හැඳුනුමකට ලක් ව සිටි පුද්ගලයකු තම අකල් මරණය පිළිබඳව කල් තියා දැන සිටි බවට රූපවාහිනී වැඩ සටහන් ඉදිරිපත් කරන්නකු පවසා තිබීම මත යමකුගේ ජන්ම පත්‍රයට අනුව මාරක අපලයක් උදිපිපත් ව තිබීම ඒ තැනැත්තා ඒකාන්ත වශයෙන් අකල් මරණයකට ලක් කරවන්නේය යන මිථ්‍යාව යළි සමාජ ගත වීමට හේතු වී තිබේ.නමුදු සාංසාරික වශයෙන් සත්වයා මුහුණ දෙන සකල විධ තත්වයන් එලෙසින්ම දැක ගත හැකි කිසිදු ගුප්ත ශාස්ත්‍රයක් නොමැති අතර ජ්‍යොතිෂය යනු ඒ සම්බන්ධ සියුම් ඉඟි පළ කරන විද්‍යා ශාස්ත්‍රයක් පමණි.
හේම ශ්‍රී අමරසිංහ