කොටපොල සමූප ඡන්ද ජය ජවිපෙටලු

දෙනියායේ කොටපොල විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභාව සඳහා නියෝජිතයන් පත්කර ගැනීමට පැවති නිලවරණයෙන් තම පාර්ශවය අති බහුතර බලයක් සහිතව ජයග්‍රහණය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබන කොටපොල විවිධ සේවා සමුපකාරය සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහතාගේ ආසන බල ප්‍රදේශය වන මෙම ප්‍රදේශයේ පැවති මෙම නිලවරණයෙන් තම පාර්ශවය ජයගත් බව නිපුන රණවක මහතාගේ මාධ්‍ය ඒකකය ඊයේ නිවේදනය කර තිබිණ.

මහ සභාවේ සභික තනතුරු 100ක් ඇති නියෝජනයෙන් තම පාර්ශවය සෘජුවම ආසන 55 ක් ලබාගත් බවත් ලබාගත්තේ ආසන 35ක් පමණක් බවත් කොටපොල විවිධ සේවා සමුපකාරය සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.

නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානය ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබන පාර්ශවය එම මැතිවරණයෙන් ජයග්‍රහණය කළ බවයි.

නමුදු ආණ්ඩු පාර්ශවය විසින් ඔවුන් ජයග්‍රහණය කළ බවට සිදු කරන ප්‍රකාශයන් සම්පූර්ණ අසත්‍ය බවත් තම කොටපොල විවිධ සේවා සමුපකාරය සුරැකීමේ සංවිධානය ලෙස තරඟ කොට ඉතා පැහැදිලි ජයග්‍රහණයක් ලබා ගත් බවත් කොටපොල විවිධ සේවා සමුපකාරය සුරැකීමේ සංවිධානය වැඩිදුරටත් කියා සිටියි.

ඉතිරි ආසන 10 දිනාගත් ස්වාධීන කණ්ඩායමේ ද සහාය තම පාර්ශවයට ලබා ගැනීම සඳහා සාකච්ඡා සිදුවන බවත් බොහෝ දුරට එම ඔවුන්ගේ සහාය ද තම පාර්ශවයට ලැබෙනු ඇති බවත් එම සංවිධානය දැඩි විශ්වාසය පළ කරයි.

කාලීන පුවත්