කොටවෙහෙර රජ මහා විහාරයේ රන්, පළිඟු කරඬු සොරු ගනිති

රඹුක්කන,කොටවෙහෙර රජ මහා විහාරයේ තැන්පත් කර තිබූ පෞරාණික රන් කරඬු පහක් සහ පළිඟු කරඬු තුනක් සොරකම් කර තිබේ.පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ, ඊයේ(12) රාත්‍රි විහාරයට පැමිණි පිරිසක් විසින් ඒවා පැහැරගෙන යන්නට ඇති බවට සැක කරන බවකි.දැදිගම , කොටවෙහෙර පුරාවිද්‍යාත්මක භූමියේ සිදුකළ කැනීම්වලදී සොයා ගැනුණු මෙම පුරා වස්තු වල පුරාවිද්‍යාත්මක අගය මිස ලෝහමය වටිනාකම තක්සේරු කොට නොමැති  බව ද පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

කාලීන පුවත්