කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය දෙස් විදෙස් පිළිගැනීමට

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය දේශීය සහ අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමකට ලක්ව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කරයි. එම විශ්ව විද්‍යාලයේ තාක්‍ෂණීක පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සහ නව පිවිසුම් සංකීර්ණය විවෘත කීරීමෙන් පසු ඊයේ(10) පැවැති උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. එහි මෙතෙක් පැවැති පීඨ නවයට අමතරව තාක්‍ෂණ පීඨයේ කටයුතු ඊයේ ආරම්භ කෙරිණ. එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කලේ රජය සෑම විටම අධ්‍යාපනයට විශේෂ අවධානයක් යොමුකර ඇති බවයි. කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය ඇති කිරීම ඉතා වැදගත් සන්ධිස්ථානයකි.  උපාධි පාඨමාලා සඳහා වාර්ෂිකව ඇතුළත් කරගන්නා සංඛ්‍යාව ඉහළයාමෙන් පැහැදිලි වන්නේ කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ සාර්ථකත්වය යැයිද අග්‍රාමාත්‍යවරයා කීවේය

කාලීන පුවත්