කොත්තු රයිස් සහ බත් පැකට් මිලේ අද සිට අඩුවක්?

ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ශීඝ්‍රයෙන් ඉහළ ගිය කොත්තු රයිස් සහ බත් පැකට්  මිල ගෑස් මිල අඩු කිරීමට සාපේක්‍ෂව අඩු විය යුතු බැවින් අද (5) සිට කොත්තු රයිස් සහ බත් පැකට්  මිල අඩු කරන බවත් ඒවායේ මිල අඩු වීමේ ප්‍රතිශතය ජනතාවට දැනෙන ප්‍රමාණයක තිබිය යුතු බවත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ඊයේ (4) පැවසීය.ඒ අනුව  කොත්තු රයිස් සහ බත් පැකට් මිල අඩු කරන ප්‍රතිශතය අද පෙරවරුවේ ප්‍රකාශ කරන බව කී අසේල සම්පත් මහතා ගෑස් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලැබිය යුතු බව ද සඳහන් කළේය.නමුත් බොහෝ පාරිභෝගිකයන් පවසනුයේ පසුගිය කාලයේ අඩු වූ ගෑස් මිලට සාපේක්ෂව පිසූ ආහාර මිලේ අඩුවක් මේ දක්වාම දක්නට නොමැති බවකි.

කාලීන පුවත්