කොරෝනා ආසාදිතයන්ගේ ශීඝ්‍ර වැඩිවීමක්?

මේ වන විටත් කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය සමස්ත රෝහල් පද්ධතියට දැනෙන ආකාරයට ඉහළ ගොස් ඇතැයි ද මෙම ආසාදිතයන් වැඩිවීම දැනට සියයට 5ත් 7ත් අතර පවතින මෙම ආසාදිතයන් වැඩිවීම ඉතා ශීඝ්‍රයෙන් විශාල වැඩිවීමක් දක්වා තල්ලු විය හැකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කරයි.පසුගිය සති අන්ත නිවාඩු සහ නිවාඩු දිනවල ජනතාව කටයුතු කළ ආකාරය මත මෙම අහිතකර ප්‍රතිඵල ලැබී ඇති බවත් මෙහි නියම ප්‍රතිඵල දැක බලා ගැනීමට තව සතියක් දෙකක් ගත වනු ඇති බවත් ඔහු තවදුරටත් පවසයි.

කාලීන පුවත්