කොරෝනා ආසාදිතයන් දහස ඉක්මවයි

කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1082 දෙනකු ඊයේ (31) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.

ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 611,185 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 21 දෙනකු  (30) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (31) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,441 දක්වා ඉහළ ගොස් ඇත.

කාලීන පුවත්