කොරෝනා මර්දන එන්නත් අනිවාර්ය කිරීමට එරෙහිව රට රට වල ජනතාව වීදි බසිති

කොරෝනා මර්දන එන්නත් අනිවාර්ය කිරීම තුළින් තම මූලික අයිතිවාසකම් උල්ලංඝනය වන බව පවසමින් රටවල් කිහිපයක ජනතාව වීදි බැස තිබේ. ඒ අතරින් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ කැනඩාවේ විරෝධතා වඩාත් උග්‍ර අතට හැරී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඕස්ටේලියාවේ කැන්බරා සහ නවසීලන්තයේ විලින්ටන් යන නගර වල පැවැත්වෙන විරෝධතා පස්වන දිනටත් පැවැත්වෙන අතර මේ අතර, කැනඩාවේ ඔටාවා නගරයේ පාර්ලිමේන්තුව අවට මාර්ග කිපිපයක් ට්‍රක් රථ, වෑන් රථ සහ යතුරුපැදි වලින් පැමිණ විරෝධතාකරුවන් විසින් අවුරා ගෙන හිඳින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාලීන පුවත්