ඊයේ(13) කොවිඩ් මරණ 23 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කොට තිබේ. පිරිමි 12 දෙනෙක් හා කාන්තාවෝ 11 දෙනෙකත් ඒ අතර වන අතර වයස අවුරුදු 60 ඉක්මවූ මරණ සංඛ්‍යාව 18 කි. ඒ අතර වයස අවුරුදු 30 ට අඩු එක් මරණයක් ද ඊයේ වාර්තාවී තිබේ.මේ දක්වා මෙරටින් වාර්තාවී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව හය ලක්ෂ විසි හය දහස් නව සිය අනූනවය කි. ඊයේ පමණක් ආසාදිතයෝ 1162 දෙනෙක් හදුනාගනු ලැබුහ. රජය මේ වන විට කොවිඩ් අවදානම් පිටුදැක ඇති බවට ඇතැම් දේශපාලනඥයන් ප්‍රකාශ කළ ද එය විද්‍යාත්මක පදනමක් නොමැති ප්‍රකාශයක් බව පෙන්වා දෙන සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනුයේ අප රටේ කොවිඩ් වසංගතය තව දුරටත් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් ජනතාව ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් සැළකිලිමත් විය යුතු බවය.