ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ අනුප්රභේද ලෙස සැලකෙන ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට පැමිණීමේ අවදානමක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.ඩෙල්ටා ප්ලස් පමණක් නොව විදේශ රටවල තිබෙන ඕනෑම කොවිඩ් ප්‍රභේදයක් මෙරටට පැමිණීමට බැරිකමක් නැතැයි පැවැසූ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා එය තීරණය වන්නේ සංචරණ සීමා සහ සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම හා නොකිරීම මතයැයිද සඳහන් කළේය.මෙම ප්‍රභේදය හෝ වෙනත් ප්‍රභේදයක් පැමිණියද ජනතාව සෞඛ්‍ය පුරුදු හා උපදෙස් නිසි පරිදි පිළිපදින්නේ නම් එය පාලනය කර ගැනීමට හැකිවනු ඇතැයිද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.