ආසාදිත වූ තවත් 25 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ(15) තහවුරු කොට ඇත.ඒ සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,899 තෙක් ඉහළ නැඟ තිබේ.මෙසේ මරණයට පත් වූවන් වයස අවුරුදු හැට ඉක්ම වූ,නිදනගත රෝග වලින් පෙළුණු සේම එන්නත්කරණය සම්පූර්ණ නොකළ පුද්ගලයන් බව ද පැවසෙයි.නමුදු මෙවන් පසුබිමක් යටතේ පසුගිය 9 වන දා අනුරාධපුරයේ පැවැති රැලියක දී කොවිඩ් අභියෝගය ජය ගැනීමට රජයට හැකි වූ බවට කළ ප්‍රකාශය බොහෝ දෙනකුගේ කතා බහට ලක් වී තිබේ.