කොවිඩ් වසංගතය නොතකා සිරි පා පුද බිම බැතිමතුන් ගෙන් පිරෙයි

පවත්නා කොවිඩ් වසංගත තත්වය ද නොතකා ශ්‍රීීපාදස්ථානය වෙත අති විශාල පිරිස් මේ වන විටත් ඇදෙමින් සිටිති. හැටන් මාර්ගය ඔස්සේ වන්දනාකරුවන් පැමිණෙන උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රිය ඊයේ(04) මගීන්ගෙන් පිරී පැවතුණි. එමෙන්ම පැමිණි රථවාහන නල්ලතන්නිය මස්කෙලිය ප්‍රධාන මාර්ගය දෙපස කිලෝමිටර් හතරක් පමණ දුරට ගාල් කර තිබෙනු ද දක්නා ලදී. මේ අතර රට තුළ ඉකුත් සතියට වඩා මෙම සතියේ කොවිඩ් අසාදිතයින් සංඛ්‍යාව සියයට 30 ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇතැයි කොවිඩ් 19 පිළිබඳව රාජ්‍ය අමාත්‍යංශයේ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.

කාලීන පුවත්