කොවිඩ් වැළඳුණු එකොලොස් වියැති දැරියක් මිය යයි

නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ හය වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි නාත්තන්ඩිය තබ්බෝවේ පදිංචි බී. එම්. ටී. මනීෂා කුමාරි ප්‍රනාන්දු නමැති එකොලොස් වියැති සිසුවිය ආසාදනය වීමෙන් මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ(30) මියගිය ගොස් තිබේ.පසුගිය සිකුරාදා (28) පාසල් ගොස් නිවසට පැමිණීමෙන් පසු හදිසියේ රෝගාතුර වූ ඇය මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකට අුැතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය අතර මෙම සිසුවියට කොවිඩ් වයිරසය ආසාදනය වී තිබූ බව පරීක්‍ෂණවලින් තහවුරු වී තිබේ

කාලීන පුවත්