කොවිඩ් වෛද්‍ය හා සෞඛ්‍යාරක්ෂිත අපද්‍රව්‍ය පරිසරයට හා සෞඛ්‍යයට තර්ජනයක්

කොවිඩ් වෛද්‍ය හා සෞඛ්‍යාරක්ෂිත අපද්‍රව්‍ය පරිසරයට හා සෞඛ්‍යයට තර්ජනයක් කොවිඩ් 19 වසංගතය හේතුවෙන් එකතු වන වන වෛද්‍ය හා සෞඛ්‍යාරක්ෂිත අපද්‍රව්‍ය ප්‍රමාණය පරිසරයට සහ මානව සෞඛ්‍යයට තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.භාවිතා කරන ලද වෛද්‍ය උපකරණ සෞඛ්‍යයට තර්ජනයක් වන අතර ප්ලාස්ටික් අපද්‍රව්‍ය වැඩිවීම අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති අසීරුවට පත් කරවන්නක් බව ද පැවසෙයි. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයනිෂ්පාදකයින්ගෙන් ඉල්ලා සිටියේ වඩාත් ජෛව හායනයට ලක්විය හැකි ද්‍රව්‍ය සහ පරිසර හිතකාමී ඇසුරුම් භාවිතා කරන ලෙසයි.
ගෝලීය වශයෙන් අපද්‍රව්‍ය බැහැර කරන ආකාරය ප්‍රතිසංස්කරණය කිරීමේ “උග්‍ර අවශ්‍යතාවයක්” පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.
ඉවතලන ද්‍රව්‍ය අතර ආරක්ෂිත ඇඳුම්, සිරින්ජ, අත්වැසුම්, මුහුණු ආවරණ සහ පරීක්ෂණ කට්ටල ඇතුළත් වේ. එම වාර්තාව මගින් උපුටා දක්වන ලද එක් අධ්‍යයනයක දී ඇස්තමේන්තු කර ඇත්තේ 2020 දී ලොව පුරා දිනකට වරක් භාවිතා කරන මුව ආවරණ බිලියන 3.4 ක් ඉවතලන බවයි.ගෝලීය වශයෙන් ලබා දුන් පළමු බිලියන අට කොවිඩ් එන්නත් මගින් සිරින්ජ සහ ඉඳිකටු ආකාරයෙන් අපද්‍රව්‍ය ටොන් 144,000ක් ජනනය කර ඇති අතර, ඒවා නොසැලකිලිමත් ලෙස බැහැර කළහොත් සෞඛ්‍ය සේවකයින්ට තුවාල සිදුවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

කාලීන පුවත්