කොවිඩ් රෝගය යනු ගණන් ගත යුතු නැති හෝ බියවිය යුතු නැති සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයකැයි අප රටේ ප්‍රසිද්ධ දේශපාලඥයෙක් මෑතක දී පැවසූ කතාව ඔබගේ මතකයේ තිබෙන්නට පුළුවන. ලොව පුරා මහත් ව්‍යසනයක් ඇතිකරමින් පැතිර යන කොවිඩ් වෛරසය පිළිබඳ ජනතා නියෝජිතයකු වශයෙන් එවැනි අදහසක් පළකිරීම පිළිබඳ බොහෝ විවේචන ඉන්පසු එල්ල විය. සැබවින්ම මෙය එසේ ගණන්ගත යුතු නැති සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක්මද?
සෙම්ප්‍රතිශ්‍යාව ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන්නේ ඓන්ෆුඑන්zඅ නමිනි. 1918 වසර තෙක් අප ආපස්සට ගියහොත් ඒ කාලයේ ඉන්ෆ්ලුවෙන්සා වසංගත තත්ත්වයක් පැතිර ගිය බව අපට සොයාගත හැකි ය. මෙය ‘මහා ඉන්ෆ්ලුවෙන්සා වසංගතය’, එසේත් නැත්නම් ‘ස්පාඤ්ඤ උණ’ යන නම්වලින් හඳුන්වනු ලැබිණි. මේ වසංගත තත්ත්වය ඇති කළේ H1ණ්1නම් ඉන්ෆ්ලුවෙන්සා වෛරස් කාණ්ඩයයි. මෙය මුළු යුරෝපය පුරාම පැතිර ගිය අතර කොවිඩ් සේම මෙහි ද ‘රුළි’ හතරක් ඇති විය. වසර දෙකක කාලයක් තිස්සේ පැවති මේ රැළිවලින් ආසාදිත වූ සංඛ්‍යාව මිලියන 500 ක් විය. එනම් ලෝක ජනගහනයෙන් ආසන්න වශයෙන් තුනෙන් පංගුවක පමණ ප්රමාණයකි. මියගිය සංඛ්‍යාව පිළිබඳ මතභේද ඇතත් සාමාන්‍යයෙන් එය මිලියන 25 – 50 අතර යැයි පැවසේ.
සෙම්ප්‍රතිශ්‍යා කාණ්ඩයේ සියලු වෛරස වර්ග පැතිර වාතය ඔස්සේ පැතිර යයි. මේ හේතුව නිසා අද මෙන්ම සිය ස්වසන මාර්ගය බාහිර පරිසරයෙන් ආරක්ෂා කරගන්නට එකල සිටියවුන්නට ද සිදුවිය. අද මෙන් ක්‍රමවත් “මාස්ක්” හෙවත් මුව ආවරණ එකල නොතිබුණු අතර මිනිසුන් විවිධ උපක්‍රම මගින් සිය මුඛය සහ නාස් ප්‍රදේශය අවාරණය කරගන්නට පියවර ගත්හ.
මේ අනුව ස්පාඤ්ඤ උණට බලපෑවේ ද යම් සෙම්ප්‍රතිශ්‍යා වෛරසයකි. නමුත් එයින් මිලියන 25-50 අතර සංඛ්‍යාවක් මිය ගියහ. වෛරසය නිසාම එතරම් සංඛ්‍යාවක් මිය ගියේ නම් එය “සුළු” තත්ත්වයකැයි කෙසේවත් නිගමනය කළ නොහැකිය. එය සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයැකයි සඳහන් කිරීමේ කොයිතරම් සාධාරණත්වයක් ඇතිදැයි ඔබටම අවබෝධ කරගත හැකි ය. ඒ කාලයෙන් පසුව ද ස්පාඤ්ඤ උණ ඇති කළ සෙම්ප්‍රතිශ්‍ය වෛරසය පරිසරය තුළ සංසරණය වීම නතර වූයේ නැත. අද ද එසේම පවතී. නමුත් එවැනි වසංගත තත්ත්වයක් යළි ඇති වූයේ නැත.
වෛද්‍ය විද්‍යාව අද මෙන් දියුණු නැති ඒ කාලයේ මේ වෛරසයට එරෙහිව ප්‍රතිශක්තියක් ඇතිකිරීම සඳහා සාර්ථක එන්නතක් නිපදවා ගන්නට වෛද්‍යවරුන්ට හැකියාවක් තිබුණේ නැත. ඔවුන් විවිධ ඖෂධ වර්ග ලබාදෙමින් අත්හදා බැලුවත් එයින් ප්‍රතිඵලයක් ලැබුණේ නැත. කෙසේ නමුත් රැළි හතරක් ඇතිකරමින් යුරෝපය පුරා පැතිර ගිය මේ ඉන්ෆ්ලුවෙන්සා වසංගතය කෙමෙන් කෙමෙන් පහව යන්නට පටන් ගත්තේය. ඒ වෛද්‍ය ප්‍රතිකාර හෝ එන්නත් සොයා ගැනීම නිසා නොවේ. එහිදී ඇති වූයේ එක්තරා ආකාරයක ස්වභාවික ක්‍රියාවලියකි. මෙය Herd immunity නමින් හඳුන්වනු ලබයි. මෙය අප සිංහලයට හරවන්නට උත්සාහ කළොත් ‘ගණ ප්‍රතිශක්තිය’ නමින් හැඳින්විය හැකිය.Herd යනු රංචුව හෝ ගණය යන අර්ථය ගෙන දෙයි. මිනිස් ජනගහනයෙන් විශාල පිරිසක් තුළ මේ වෛරසයට එරෙහි ස්වභාවික ප්රතිශක්තීකරණය ඇතිවීම මේ නමින් හැඳින්වේ. මෙය සිදුවන්නේ මේ වෛරසයට එරෙහිව මිනිස් සිරුර කාලයක් තිස්සේ සිදුකරන සටනේ ප්‍රතිඵලයක් ලෙසිනි.
කොවිඩ් රෝගය ඇති කරන්නේ ද සෙම්ප්‍රතිශ්‍යා කාණ්ඩයටම අයත් වෛරසයකි. කෙසේ නමුත් මෙයට එරෙහිව තවමත් අප තුළ තවමත් ස්වභාවික ප්‍රතිශක්තියක් ඇතිවී නැත. ස්පාඤ්ඤ උණට හේතු වූ සෙම්ප්‍රතිශ්‍යා වෛරසය වර්තමානයේ ද පරිසරය තුළ ඇතත් එය මාරක තත්ත්වයක් ඇති නොකරන්නේ Herd immunity තත්වය නිසාය. ඒ අර්ථයෙන් බලන කළ එදා මාරක වූ ඒ වෛරසය අද අපට සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් පමණි. නමුත් මේ Herd immunity ඇතිවන්නට ගතවන කාලය පිළිබඳ අපට අදහසක් ඇතිකරගත නොහැකි ය. එයට හේතුව මේ වෛරස දිනෙන් දින වෙනස්වෙමින් විකෘති ප්‍රභේද ඇතිකරන බැවිනි. අප එන්නත් ගත්ත ද නොගත්ත ද මේ සියල්ලට එරෙහි ප්‍රතිශක්තියක් අප සිරුර තුළ ඇති වේ. ඒ තව වසර කීයක් ගතවේදැයි කිව නොහැකිය.
මේ නිසා අප කළ යුතු ප්‍රධාන දෙයක් තිබේ. අප කළ යුත්තේ මේ සඳහා නිෂ්පාදනය කොට ඇති එන්නත් ලබාගෙන තවදුරටත් සෞඛ්යාරක්ෂිත පුරුදු අනුගහනය කරමින් මේ වෛරසයෙන් ආරක්ෂා වී සිටීමය. තවත් එක් ප්‍රකට දේශපාලඥයකු පැවසූ පරිදි සියලු දේ සිදුකොට අවසානයේ මෙය “දෙවියන්ට භාරදීමෙන්”පලක් වන්නේ නැත. ස්පාඤ්ඤ උණවල සේම මෙය ද අප භාරදිය යුත්තේ සොබා දහමටය. දවසක් කිව නොහැකි වුවත් අවසන් විසඳුම අපට ලබාදෙන්නේ සොබා දහමය. එතෙක් අප කළ යුත්තේ හැකිතාක් මෙයින් ආරක්ෂා වී සිටීම පමණි.කොවිඩ් නිසා දැනට සිදුවන වටිනා ජීවිත අහිමි වීම් පාලනය කර ගත හැක්කේ ඒ ක්‍රමයෙන් පමණි.
නිරංජන් චාමින්ද කරුණාතිලක