කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබේ.
කොළඹ ආරක්ෂක සමුළුවේ (CSC) සාමාජික රටවල් වන ශ්රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, මාලදිවයින සහ මොරිෂස් යන රටවල්, කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා වන ප්රඥප්තිය සහ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණි.