කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල අවුරුදු 20ත් 29ත් අතර වයස් කාණ්ඩ වලට අයත් පුද්ගලයින්ට කොවිඩ් එන්නත්කරණය අද(06) ආරම්භ කරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.ඔහු වැඩි දුරටත් පැවසුවේ එම දිස්ත්‍රික්කවල දැනට එන්නත්කරණය සිදු කරන ස්ථානවලදීම එන්නත් ලබා දීමට කටයුතු යොදා ඇති බවය.කොළඹ දිස්ත්‍රික්කයේ අදාල වයස් කාණ්ඩයට අයත් පුද්ගලයන් සඳහා විහාරමහාදේවි උද්‍යානය, දියත උයන, පනාගොඩ යුද හමුදා කඳවුර සහ වේරහැර යුද හමුදා වෛද්‍ය බලකා මූලස්ථානය යන ස්ථාන වලදී ද එන්නත ලබාගැනීමේ හැකියාව පවතින අතර එක් එක් දිස්ත්‍රික්ක වල පදිංචිකරුවන්ට පමණක් අදාල දිස්ත්‍රික්කය තුළදී පමණක් එන්නත ලබා දෙන බව ද යුද හමුදාපති වරයා කියයි.