කොළඹ, ගම්පහ, මහනුවර වායු දූෂණය ඉහළට

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් ප්‍රකාශයට පත් කරන ලද දත්ත වලට අනුව කොළඹ සහ කෑගල්ල දිස්ත්‍රික්කවල වාතයේ ගුණාත්මක භාවය යළිත් පහත වැටී තිබෙයි.

ඊයේ (19) දිනයේ කොළඹ සහ ගම්පහ වායු තත්ත්ව දර්ශකය (AQI) 150 ඉක්මවා තිබුණි.

මහනුවර නගරය ආශ්‍රිත වායු ගෝලයේ ගුණාත්මකභාවයේ අඩුවක් දක්නට ලැබෙන බව පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙම ප්‍රදේශවල පදිංචිකරුවන්ට සෞඛ්‍ය බලපෑම් අත්විය හැකි අතර ළමුන් සහ වැඩිහිටියන් වැනි සංවේදී කණ්ඩායම් දැඩි සෞඛ්‍ය බලපෑම් එල්ලවිය හැකියි.

කෙසේවෙතත් ඉන්දියාවේ සිට හමා ආ වාතයේ පැවති අහිතර තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගෝලයේ නිරීක්ෂණය වූ අහිතකර ස්වභාවය තවදුරටත් දක්නට ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කාලීන පුවත්