කොළඹ දිස්ත්රික්කයේ ජලයෙන් යටවිය හැකි ස්ථාන 22 ක් හඳුනාගෙන ඇතැයි, කොළඹ මහ නගර සභාව පවසයි.
එහි අධ්යක්ෂ, ඉංජිනේරු ආර්. ඒ. ටී. පී රණවක සඳහන් කළේ, කාණු පද්ධති අක්රමවත් වීම ඒ කෙරෙහි බලපා ඇති බවයි.
මේ වනවිට ජලය බැස යන ඇළ මාර්ග සංවර්ධනය කිරීමේ කටයුතු සිදු කරමින් ඇතැයි ද, ඔහු ප්රකාශ කළේ ය.