කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපය ජනමාධ්‍ය පීඨයක් වෙයි

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපය, ජනමාධ්‍ය පීඪය බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින්.

1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 22 වන වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව, මෙම තීරණය ගෙන ඇත.

අදාළ පීඪය ජනමාධ්‍ය, භාෂා, පරිගණක සහ ​ප්‍රසංග කලා අධ්‍යනය අංශවලින් සමන්විතයි.

කාලීන පුවත්