කෝප් කමිටු සභාපති වරයකු ගේ ලිංගික බලපෑමට ලක් වූ නිලධාරිනිය නිහඬ වෙයි

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති වරයකු ගේ අයථා ලිංගික බලපෑමකට ලක් වූ පාර්ලිමේත්තු නිලධාරිනිය ඒ සම්බන්ධයෙන් විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට මෙතෙක් අපොහොසත් වීම මත ඒ සම්බන්ධ පරීක්ෂණයක් ආරම්භ කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇතැයි පාර්ලිමේන්තුවේ කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.ඒ මහතා වැඩිදුරටත් පවසනුයේ එම පරීක්ෂණයේ දී තමන් තව දුරටත් අපහසුවට පත් වන බැවින් ඇය එසේ පැමිණිලි කිරීමෙන් වැලකී සිටින බව ය.සමාජයේ ප්‍රසිද්ධ ස්ථාන වල අයථා ලිංගික බලපෑම් වලට නතු වන කතුන් ගෙන් බොහොමයක් ද මේ හේතුව මත නීතිය හමුවට යාමට මැළි බවක් දක්වන බව කී කතා නායක වරයා එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් නොමැතිව පරීක්ෂණයක් පැවැත්විය නොහැකි බව ද කියයි.නමුදු ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසනුයේ ඒ සිදුවීම තමන්ට අදාල නොවන බැවින් ඒ සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණයකින් වැරදි කරු බව සනාථ වුව හොත් පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියෙන් ඉල්ලා අස්වීමට වුව තමන් සූදානම් බව ය.

කාලීන පුවත්