ගංගාරාම නවම් පෙරහරට විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ, හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර අද (11) සහ හෙට (12) දිනවල රාත්‍රී 07:30 සිට රාත්‍රී 10:30 දක්වා වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ.

ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

පෙරහැර විහාරස්ථානයෙන් ආරම්භ වී ජිනරතන මාවත ඔස්සේ ගමන් කර හුණුපිටිය වැව පාරට හැරී රාමනායක මාවත හන්දියට පැමිණ රාමනායක මාවත ඔස්සේ ජේම්ස් පීරිස් මාවත හන්දිය දක්වා ගමන් කර ජේම්ස් පීරිස් මාවත ඔස්සේ අල්ටෙයාර් ඇවර්නිව් හන්දියෙන් දකුණට හැරී අල්ටෙයාර් ඇවනිව් ඔස්සේ ස්ටෙපල් වීදිය හන්දිය දක්වා ගමන් කර දකුණට හැරී ස්ටෙපල් වීදිය, බේබෘක් පෙදෙස, බේබෘක් වට රවුම, ජිනරථන මාවත ඔස්සේ නැවත ගංගාරාම විහාරස්ථානයට පැමිණිමට නියමිතයි.

මේ අනූව පෙරහැර පෙළ ගැසෙන අවස්ථාවේ රාමනායක මාවත හුණුපිටිය වැව පාර හන්දිය, ධර්මපාල මාවත පාර්ක් වීදිය හන්දිය, කොල්වින් ආර් ද සිල්වා මාවත (යූනියන් පෙදෙස) හයිඩ් පාර්ක් කෝනර් හන්දිය යන මාර්ග තාවකාලිකව වසා තබන බවයි පොලිසිය පවසයි.

පෙරහැර ගමන් කරනු ලබන කාල සීමාව තුල පමණක් මාර්ගය වැසීමට කටයුතු කරනු ලබන අතර අවස්ථානුකූලව පෙරහැර වීදි සංචාරය සිදු නොවන සෑම ස්ථානයකින්ම හැකි උපරිම අයුරින් සාමාන්‍ය රථ වාහන ගමනාගමනය සඳහා ඉඩ ලබාදීම සිදු කරන බවද පොලිසිය දන්වයි.

කාලීන පුවත්