ගංගාරාම නවම් මහා පෙරහැර අද රාත්‍රියේත් වීථි සංචාරය කෙරේ

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර අද (12) රාත්‍රියේත් වීථි සංචාරය කිරීමට නියමිතයි.

මෙරට බෞද්ධාගාමික උත්සව අතර හුණුපිටිය ගංගාරාමයේ නවම් මහ පෙරහැරට ද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

මෙවර පෙරහැර පැවැත්වෙන්නේ, 46 වැනි වරටයි.

ගංගාරාම විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි නාහිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධාන කළ පෙරහැර රාත්‍රී 7.00 ට වීථි සංචාරය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

කාලීන පුවත්