ගංගා ගැන යළිත් අනතුරු ඇඟවීමක්

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ, අනුව මේ වන විට මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශ හා අතු ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් තිබීම හේතුවෙන් අතු ගංගා හරහා ගමන් කිරීම, දියනෑම අවදානම් විය හැකි බවයි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර මහතා පවසයි.

මේ අතර අද (30) දිනයේත් ගිංගඟ, කළු ගඟ, නිල්වලා ගඟ යන ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් තිබේ.

තවදුරටත් වැසි ඇදහැලුණ හොත් එම ගංගා ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ යෑමේ අවදානමක් පවතින බවත්,පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත නොසිතූ ලෙස ගංගාවල ජල මට්ටම ඉහළ යන බැවින් ජනතාව වඩාත් සැලකිලිමත් වියයුතු බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

කාලීන පුවත්