ගංවතුර සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට සිදු වෙනවා – සාගල රත්නායක

ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගනිමින් ආර්ථික අර්බුදයෙන් රට මුදවාගත් අයුරින්ම ගංවතුර සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා ද තීන්දු තීරණ ගැනීමට සිදු වන බවත්, එහි ප්‍රතිඵල තවත් වසර කිහිපයකින් දැක ගත හැකිවනු ඇති බවත් ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පැවසීය.

පුරවැසියන් ලෙස තම වගකීම නිසි ලෙස ඉටු කරන්නේ නම් ඩෙංගු රෝගය මේ තරම් ව්‍යාප්ත නොවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ශ්‍රී ලංකා රතු කුරුස සමාජය – කොළඹ ශාඛාව විසින් පැවැත්වීමට නියමිත, ගංවතුර අවදානම් ප්‍රදේශයන්හි ගංවතුර උවදුර සඳහා ප්‍රතිචාර දැක්වීම සහ ඩෙංගු මර්දන ව්‍යාපාරයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.

කාලීන පුවත්