ගණේමුල්ලේ සංජීව උසාවියේ දී වෙඩි පහරකින් මරුට කොළඹ අලුත්කඩේ මහේස්තාත් අධිකරණ සංකීර්ණය තුළ අද(19) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගණේමුල්ලේ සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.නඩු කටයුත්තක් සඳහා ඔහු බූස්ස බන්ධනාගාරයේ සිට අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණය වෙත රැගෙන විත් තිබූ අතරනීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇතැයි අනාවරණය වී ඇත.අපරාධ කරු අත් අඩංගුවට ගැනීම පිණිස පොලීසිය මේ වන විට කටයුතු කොට ඇති අතර කොළඹ අලුත්කඩේ ම්හෙස්ත්‍රාත් අධිකරණයෙන් පිටවීම සහ ඊට ඇතුළුවීම වලකා තිබේ.