ගම්පහ ප්‍රදේශ රැසකට පැය 14ක ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද පස්වරු 4 සිට පැය 14ක්, ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ජා – ඇල මාර්ගයේ ජල නළ පද්ධතිය වැඩි දියුණු කිරිමක් නිසා ඒකල, කොටුගොඩ , උදම්මිට , රජ මාවතේ තුඩැල්ල සිට 20 සැතපුම් කණුව දක්වා , වහටියාගම , දැලතුර , කටුනායක , සීදුව , උඩුගම්පොල සහ මිනුවන්ගොඩ කොටසකට , කටුනායක ගුවන් හමුදා කඳවුර , කටුනායක නිදහස් වෙළඳ කලාපය සහ කටාන දකුණ ප්‍රදේශයට ජල සැපයුම අත්හිටවනු ඇති.

කාලීන පුවත්